ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රජා සෞඛ්‍ය සේවකයන්ගේ එකමුතුවක් ගොඩනැගෙයි
ආසියාව සහ පැසිෆික් කලාපයේ සෞඛ්‍ය සේවකයන්ගේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් UNI Apro Care ආරම්භක සමුළුව 2025 අගෝස්තු 28-29 දිනවල නේපාලයේ කත්මාණ්ඩු නුවර පැවැත්විණි. UNIGlobal වෘත්තීය සමිති එකතුවේ සහභාගිත්වයෙන් සහ ආසියානු-ෆැසිපික් කලාපයේ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පවත්වන ලදි. UNI Asia Pacific Care සභාපති Akihiko Matsuura සහෝදරයාගේ නායකත්වයෙන් පවැත්වූ මෙම සමුළුව වෘත්තීය සමිති නියෝජිතයින් සියයකට අධික දෙනකු සහභාගී විම මෙහි කැපීපෙනන විශේෂත්වයක් හා ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගේ ජයග්‍රහණයක් විය.