ආසියාව සහ පැසිෆික් කලාපයේ සෞඛ්‍ය සේවකයන්ගේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් UNI Apro Care ආරම්භක සමුළුව 2025 අගෝස්තු 28-29 දිනවල නේපාලයේ කත්මාණ්ඩු නුවර පැවැත්විණි. UNIGlobal වෘත්තීය සමිති එකතුවේ සහභාගිත්වයෙන් සහ ආසියානු-ෆැසිපික් කලාපයේ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පවත්වන ලදි. UNI Asia Pacific Care සභාපති Akihiko Matsuura සහෝදරයාගේ නායකත්වයෙන් පවැත්වූ මෙම සමුළුව වෘත්තීය සමිති නියෝජිතයින් සියයකට අධික දෙනකු සහභාගී විම මෙහි කැපීපෙනන විශේෂත්වයක් හා ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගේ ජයග්‍රහණයක් විය.
රටවල් 18 කින් අනුබද්ධ ආයතන 28 ක් නියෝජනය කරන නියෝජිතයන් 29 දෙනෙක්, නිරීක්ෂකයන් 46 දෙනෙක්, ආගන්තුකයන් 6 දෙනෙක් සහ සහායක කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡා සේවකයන් මෙම සම්මේලනයට සහභාගී විය. ලෝක නව තත්ත්වයන් අනුව ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගේ සේවය මිලියන ගණනක් ජනතාවගේ ජීවිතවලට ඍජුවම බලපාන ලබයි. එම නිසා ප්රජාසේවකයන්ගේ ප්‍රතිපත්ති සහ සේවා තත්ත්වයන් ගොඩනැගීමේදී ප්‍රජා සෞඛ්‍ය සේවක වෘත්තීය සමිතිවලට ප්‍රබල සාමූහික හඬක් ලබාදීමට මෙම වෘත්තීය සමිති එකමුතුවට සැලකිය යුතු වෙනස්කම් කිරීමට ශක්තියක් වනු ඇත.
ප්‍රජා සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන අභියෝග
මෙම නියෝජිත සමුළුවේදී ඒ ඒ රටවල් වල නියෝජිතයන් මේ මොහොත වනවිට මුහුණදෙන ප්‍රශ්ණ හා ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳ සාක්ච්ඡා පැවැත්වීය.
එම සාකච්ඡාවන්හී මතුවූ ප්‍රධාන කරුණු වුයේ:
වයස්ගතවීමේ අභියෝගය
2050 වන විට කලාපයේ සිව්දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60 ට වැඩි අයකු වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම තත්ත්වය පිළිබඳව වයස්ගතවන ජනගහනයේ පීඩනයන්ට මුහුණ දීම සඳහා ප්‍රජා සෞඛ්‍ය සේවක සංගම්වලට හා සත්කාරක සේවාවන්ට (Care Service Workers) තිරසාර සත්කාරක ප්‍රතිපත්ති සකස් කිරීම දැඩි අභියෝගයක්ව පවතී. ඒ සඳහා විශේෂ භූමිකාවක් සකස් කිරීමට ආසියා-පැසිෆික් කලාපයේ නායකත්වය දැඩී පිඩනයකට ලක් වනු ඇත.
සංක්‍රමණික කම්කරුවන්ගේ දායකත්වය
විශේෂයෙන්ම කලාපීය ප්‍රජා හා සත්කාරක ශ්‍රම සේවා අංශයේ ප්‍රධානතම වගකීම දැරීමට සිදුව ඇත්තේ කාන්තාවන්ටය. විශේෂයෙන් සංක්‍රමණික සත්කාරක සේවා කම්කරුවන්ගේ වැඩිම දායකත්වය දරන්නේ කාන්තාවන්ය. ඔවුන්ගේ ශ්රමයට නියමිත වැටුපක් නොලැබීම, ආරක්ෂාවක් නොලැබීම, ලිංගික අන්ඩතෙට්ටම්, හා විවිධ තාඩන පීඩන වලට ලක්වීමද මෙහිදී බරපතල ලෙස සාකච්ඡාවට ගත් අතර එයට දැඩි අවධානයක්ද යොමු කරන ලදි. රැකියා ගිවිසුමක් නොමැතිව සත්කාරක සේවයේ යෙදවීමද බරපතල කරුණක් ලෙස සාකච්ඡාවට ලක්විය.
සේවාව විධිමත් කරගැනීමේ අරගලය
ආසියාව පුරා ප්‍රජා සෞඛ්‍ය සේවකයන් හා ගෘහ ආශ්‍රිතව සත්කාර සේවා සපයන්නන් අත්‍යවශ්‍ය සේවාවන් සපයන ශ්රමිකයින්ය. ඔවුන්ට මූලික ආරක්ෂණයන්ගෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවීම සේවාව නිදහසේ කරගෙන යාම සඳහා ගැටළුවක්ව පවති. මෙය ප්‍රධාන සටන් පාඨයක් විය යුතුය.
ප්රචණ්ඩත්වය සහ හිරිහැර තුරන් කිරීම
ප්‍රජා සෞඛ්‍ය සේවයේ හා සත්කාරක සේවාවලදී ප්රචණ්ඩත්වය සහ හිංසනයට නිසා ඔවුන්ව ආරක්ෂා කිරීමට, "2019 ජුනි 21දා ජිනීවාහිදී, ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108වන සැසියේදී සම්මත කරගන්නා ලද, වැඩ ලෝකයේ ප්රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය" තම රටවල රජයන් මගින් එය නීතිගත කරගැනීමට බලපෑම් කිරීමට අවශ්‍ය බව විශේෂ කරුණක් වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
UNI Apro Care කලාපීය නායකත්වය
ආසියා-පැසිෆික් කලාපීය සම්මේලනයේදී පත්කර ගන්නා ලද නිලධාරි මණ්ඩලය පහත පරිදි වේ.
සභාපති:Catalina Gonzalez (United Workers Union -ඔස්ට්‍රේලියාව)
උප සභාපතිවරුන්:
- Akira Somekawa (UAZENSEN -ජපානය) - මධ්‍යම සහ නැගෙනහිර ආසියාව
- Andy Lim (SMMWU - සිංගප්පූරුව) - අග්නිදිග ආසියාව
- Chandra Prakash Singh (BRCKS - ඉන්දියාව) - දකුණු ආසියාව
- Annie Newman (E TU - නවසීලන්තය) - ඕසීනියාව
විධායක සභාව:
විධායක සභාව සඳහා පහත සඳහන් රටවලින් නියෝජිතයින් පත්කර ගන්නා ලදි.
ජපානය, කොරියාව, තායිවානය, සිංගප්පූරුව, පිලිපීනය, මැලේසියාව, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් මගින් විධායක කමිටුවට සමාජිකයින්ගෙන් සමන්විත වේ.
2025-2029 වර්ෂයන් සඳහා ඉදිරි ක්‍රියාකාරි සැලැස්ම
මෙම සම්මේලනය අවසානයේදී සම්මත කරගන්නා ලද ඉදිරි ක්‍රියාකාරි හා ප්‍රමුඛතා සැලැස්ම පහත කරුණු යටතේ පෙළගස්වන ලදි.
- විධිමත්කරණය
- සංක්‍රමණික අයිතිවාසිකම්
- ලිංගික සමානාත්මතාවය
- සේවා ස්ථානයේදි ආරක්ෂාව
දකුණු ආසියානු සංවිධාන මධ්‍යස්ථානය
දකුණු ආසියා සංවිධාන මධ්‍යස්ථානය (South-Asia Organization Centre – SAOC) ලෙසනේපාලයේ කත්මණ්ඩු නුවරදී විවෘත කරන ලදි. මෙම මධ්‍යස්ථානය දකුණු ආසියාවේ සියලුම UNI සාමාජික සංවිධාන ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරනු ඇත.
ඉදිරි කටයුතු
මෙම ආරම්භක සමුළුව ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රජා සෞඛ්‍ය හා සත්කාරක සේවක, සේවිකාවන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් තැබිණි. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය හා සත්කාරක සේවක, සේවිකාවන්ගේ සංවිධාන, කලාපීය සංවිධාන හා එක්ව ශක්තිමත්ව කටයුතු කිරීමෙන් තම සේවාව ශක්තිමත් කරගනිමින්, අයිතිවාසිකම් ලබාගැනීමට හා එක්ව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරයි.
UNI Global Union ලෝකයේ රටවල් 150 කට වඩා සිට මිලියන 20 කට වැඩි සේවක ජනතාවක් නියෝජනය කරන ගෝලීය වෘත්තීය සමිති ජාලයකි.