තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා තාරුණ්‍යයේ පිබිදීම.
යුනි ජාත්‍යන්තර තරුණ කමිටුව සඳහා 2024 පෙබරවාරි 20 දින සිට 22 දින දක්වා ස්විස්ටර්ලන්තයේ නියෝන් නගරය යුනි ජාත්‍යන්තර වෘත්තීය සමිති මූලස්ථානයේ මූවිටියා (movetia) නම් වැඩමුළුව මාර්තා ඔචෝවා (Martha Ochoa) සහෝදරියගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි. තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා තාරුණ්‍යයේ දැනුවත් කිරීම සහ අවධානය යොමු කරගැනීම අරමුණු කරගනිමින් වැඩමුළුව යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලය සංවිධානය කර තුබුනි.
ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට යුනි ශ්‍රී ලංකා තරුණ කමිටු සභාපතිනිය වන ජාතික තැපැල් විදුලි සංදේශ සේවක සංගමයේ (NPTWU) ඉමාෂි කුරේ සහෝදරියට අවස්ථාව හිමි විය.මෙම වැඩමුළුව සඳහා ලෝකය රටවල් 50 කින් පමණ තරුණ තරුණියන් 58 දෙනෙකු යුනි ජාත්‍යන්තරයේ ඇමරිකා, යුරෝපාල අප්‍රිකා සහ ආසියානු පැසිෆික් නියේාජනය කරමින් සහභාගී වූ පළමු වැඩසටහන මෙය විය.
මෙම වැඩමුළුවේ තේමාව වූයේ ලෝකයේ වෙනස් වෙමින් පවතින දේශගුණික තත්වයයි. මෙම වැඩසටහන තුළ
පළමු දිනයේ දී හරිතාගාර දූෂණය, උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් තොරතුරු සාකච්ඡා කෙරිණ.
දෙවන දිනයේදී අනුවර්තනයන් සහ අවම කිරීම් සම්බන්ධයෙන් එදිනෙදා ජීවිතයටත් වැඩ පරිසරයටත් මෙම දේශගුණික වෙනස්වීම් බලපාන අන්දම සාකච්ඡා කරන ලදී.
එහිදී යම් යම් රටවල මෙම දේශගුණික වෙනස්වීම සම්බන්ධව මේ වන විටත් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පැවතින උදාහරණ වශයෙන් ඛනිජ තෙල් භාවිතා කරමින් වාහන ධාවනය කිරීම විදුලිය නිපදවීම් වැනි දෑ සිදු කිරීම ඔවුන් මේ වන විටත් නවතා දමා සුළං බලයෙන් සූර්ය ශක්තියෙන් සහ ජලය යොදාගනිමින් වැඩි වශයෙන් විදුලිය නිපදවීමට යොමුවී තිබිණ.
තෙවන දිනයේදී සෑම කලාපයකින්ම එක් නියෝජිතයකු විසින් තම කලාපයේ එදිනෙදා කටයුතු සඳහා උෂ්ණත්වයේ වැඩිවීම අඩුවීම් බලපාන ආකාරයත් දේශගුණිය අතීතයට සාපේක්ෂව වෙනස් වී ඇති ආකාරයත් තරුණ තරුණියන් වශයෙන් මෙම වැඩමුලුවෙන් ලබා ගත් දෑ පිලිබදවත් පොදුවේ සාකච්ඡා කරන ලදී.
අවසාන වශයෙන් ලෝකයේ බොහෝ රටවල මේ වන විටත් ප්‍රතිචක්‍රිකරණය වැඩිදියුණු කිරීමටත් හරිතාගාර දූෂණය නැවැත්වීමටත් එරෙහිව විවිධාකාර වූ විරෝධතා ආරම්භ කර ඇති බව ඡායාරූපකරණය හා චිත්රපටගතකරණ ක්ෂේත්රය නියෝජනය කරමින් අප අතරම සිටි සහෝදරියක් සහ සහෝදරයකු විසින් දැනුවත් කරන ලදී.