යුනි ජාත්‍යන්තරය විසින් එහි ආසියා පැසිපික් කලාපීය (UNIAPRO) 5 වන මහා සමුලුව පසුගිය නොවැමිබර් මස 20 දින සිට 22 දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්විණි. විධායක සභිකාවක් ලෙස එයට සහභාගිවීමට මා හට අවස්ථාවක් සැලසුණ අතර මෙවර එහි තේමාව වූයේ “Just Transition for workers”යන්නය.
යුනි ජාත්‍යන්තරය තුල ”කාන්තාවන් සහ තරැණ කණ්ඩායම්” වල දායකත්වයන් වෙනුවෙන් සුවිශේෂි අනුපාතයන් වෙන් කර දී ඇති අතර කාන්තාවන් සඳහා අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදු කිරීමට “Equal Opportunities” නමින් වෙනම අංශයක් මූලස්ථානය තුල ස්ථානගතකර ඇත. එසේම වර්තමානයේ යුනි ජාත්‍යන්තරයේ ප්‍රධානත්වය දරනුයේද ර්ක්රිස්ටි හොප්මන් සහෝදරියයි. තවද තැපැල් හා ලොජිස්ටික් අංශයේ ද ප්‍රධාන නියමු වරිය වන්නේ Cornelia Broose සහෝදරියයි. මේ අනුව යුනි ජාත්‍යන්තරය සෑම විටම හැකියාවන් සදහා කාන්තා පුරැෂ භේදයකින් තොරව අවස්ථාවන් හාප්රමුඛතාවයන් ලබාදෙන බව ප්‍රකට කරැණකි. ඒ තුලින් ඔවුන් අනුබද්ධිත වෘතීය සමිතිවලද” තීරණ ගැනීමේ” කාර්යයන්ට කාන්තාවන් සහ තරැණ කණ්ඩායම්” දායක කර ගැනීමට නිසි මගපෙන්වීමක්ද ආදර්ශයක්ද සපයයි.
2015 වර්ෂයේදී පැවති 4 වන කලාපීය මහා සමුලුවේදී විධායක කමිටු සභිකාවක් ලෙස මා තේරී පත්වුයේ වෘතීය සමිතියක් නියෝජනය කළ කාන්තාවක් ලෙස සහභාගිවීම හා කටයුතු කිරීම හේතුවෙනි.ඒ දකුණු ආසියා කලාපයට වෙන් කර ඇති කාන්තා අසුන සඳහාය. මේ නිසා මාහට කලාපීය මහා සමුලු 2 ක් හා විධායක කමිටු රුස්වීමි 3 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කිරීමට භාග්‍යය හිමි විය.
මෙහිදී මා ලද අත්දැකීමි අනුව ජාත්‍යන්තර විධායක කමිටුවක කටයුතු මෙහෙයවන සුවිශේෂි ආකාරයන් කෙටියෙන් විස්තර කිරීම යෝග්‍ය යැයි හැගුන බැවින් මෙය ඉදිරිපත් කිරීමට සිත්විය.
විශේෂයෙන්ම ජාත්‍යන්තර කමිටුවක් විසින් අනුගමනය කරන ස්ථාවර නියෝග,වගකීමි. ව්ව්ධ වු විෂයයන් පැවරී ඇති කමිටු, {Resolution Committee/ Credential Committee} විසින් සිය කාර්යභාරය ඉටු කරන ආකාරයන්, න්‍යාය පත්‍රයට අනුකූලව වැඩ කිරීම යනාදි කර්තව්‍යයන් ඉතා ක්‍රමානුකූලව ඉටු කරන බවඅකොරය පිළිබදව මා හොදින් දැනුවත් වු බව සඳහන් කිරීම අත්‍යාවශ්‍යය. මේ පිළිබඳව ප්‍රායෝගිකව ලද දැනුම මාගේ රාජකාරි ජීවිතය තුල පුහුණුකරැවකු වශයෙන් ඉතා ප්‍රයොජනවත් වන බවද සිහිපත් කර සිටිමි.
එසේම විධායක කමිටු රුස්වීමක වැඩ සටහන එනමි “න්‍යාය පත්‍රය” සඳහා සාමාජිකයන්ගේ පූර්ව සුදානම ඇති කරලීමේ අරමුණින් නවීන තාක්ෂණයද උපයෝගි කර ගනිමින් අනුගමනය කරන ක්රමෝපායන්ද, නියමිත කාල පරාසයන් තුල න්‍යාය පත්‍රයට අනුකූලව අවශ්‍ය විෂයයන් පිළිබඳ සමාලෝචනයන් එම අදියරයන්හිදීම නිම කරලමින් කාල කළමනාකරණය තුල ප්‍රායෝගිකව රුදීම ද අගය කළ යුතු කරැණකි. එයද මා ලද ඉතා වටිනා අත්දැකීමක් බව සිහිපත් කර සිටිමි.
එමෙන්ම එවන් විධායක කමිටු රුස්වීමක කාර්ය භාරය සැලකිල්ලට ගැනීමේදී පසුගිය කාලපරිච්ඡේදයන්ට අදාල මූල්‍ය වාර්තා,විගණන වාර්තා යනාදිය සාමාජිකයන්ට නිරීක්ෂණය කිරීම සඳහා කමිටුවට ඉදිරිපත් කරන අතර ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට සාමාජිකයන්ට අවස්ථාවන් සලසා දීමත් මෙහි කටයුතුවල පාරාදෘශ්යබව නිරෑපණය කරන්නකි.
එසේම පසුගිය වර්ෂවල ක්‍රියාකාරි වාර්තාවන් සමාලෝචනය මෙන්ම පැවති අවසන් කලාපීය මහා සමුලුවේදී එකගවු උපාය මාර්ග සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී පවත්නා වර්ෂයේ ඉලක්කයන්ට ලගාවීම යනාදිය පිළිබඳවද කමිටු සාමාජිකයින් ලබා දෙන යෝජනා චෝදනා අදහස් යනාදිය සැලකිල්ලට ගනු ලබයි.
එසේම, දැනට අනුබද්ධිතව සිටින වෘතීය සමිතින් සිය සාමාජිකත්වයෙන් ව්ව්ධ හේතු මත ඉවත් කිරීමි/ ඉවත්වීම්වලට ලක්වේ නම් එයට හේතුවු කරැණු පිළිබදවද අඵතින් අනුබද්ධවීමට නියමිත වෘතීය සමිතින් පිළිබදවද කමිටු සාමාජිකයන් දැනුවත්කරයි. ඒ පිළිබදව අදාල රටවල නියෝජිත සාමාජිකයන්ගෙන් විමසයි.එමෙන්ම කලාපීය තේමාවටඅදාල අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමට අවශ්‍ය යෝජනා අදහස් යනාදිය සදහාද සාමාජිකයන්හට විවෘත අවස්ථාවන් ලබා දේ.
මෙවර විධායක කමිටුවේදී ඉදිරිපත්වු සුවිශේෂී කරැණක් වූයේ ශ්‍රී ලංකාවේ වෘතීය සමිති කටයුතු වෙනුවෙන් මහගු සේවයක් ඉටු කළ යුනි ඇප්රෝ හි දීර්ඝ කාලයක් ප්‍රධාන ලේකමිවරයා ලෙස කටයුතු කළ ක්‍රිස්ටෝපර් අඃ සහෝදරයා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමත් නව ලේකමිවරයා ලෙස රාජේන්ද්‍ර ආචාර්ය සහෝදරයා පත්වීම පිළිබදව යෝජනාව මහා සමුලුවට ඉදිරිපත් කිරීමද, වෙනත් කරැණු ලෙස සාමාජික අරමුදලින් වෙන්වූ ක්‍රියාකාරි අරමුදලක් සදහා සමාජික වෘතීය සමිතිවල දායකත්වය ලබා ගැනීම, සම්බන්ධීකරණ කවුන්සිලයන්(Liaison Council) සමිබන්ධවද අවධානය යොමු කරන ලදි.
විශේෂයෙන්ම (Liaison Council) සමිබන්ධව කතිතාවතක් ඇති වු අතර ඒවා ව්‍යවස්ථාපිත ආයතන(Statutory Body) නොවන බැවින්අදාල රටවල වෘතීය සමිති සම්බන්ධීකරණ කාර්යය පමණක් ඉටු කළ යුතු බව තීරණය කරන ලදි. අතිශයින් වැදගත් වූ කරැණු පිළිබදව එනම් (Travel Grant වැනි) තීරණ ගැනීමට යුනි ඇප්රෝහි බලය එම කවුන්සිලයන්ට ලබාදී නැති බව ප්‍රකාශ විය.
වර්ෂ 4 ක් තුල මා එම ධුරය දැරෑ අවසන් විධායක කමිටුව එය බැවින් එවන් අත්දැකීමි සමිභාරයක් ලබා ගැනීමටත් ලංකාවේ වෘතීය සමිති නියෝජනය කිරීමටත් මා ලද අවස්ථාවට යුනි ඇප්රෝහි ලේකමිවරයා ලෙස කටයුතු කළ ක්‍රිස්ටෝපර් අඃ සහෝදරයා, ඇතුලු සියලු අධ්යක්ෂවරැන්ටත් විශේෂයෙන් ජය ශ්‍රී ප්‍රියලාල් සහෝදරයාටත මාගේ කෘතවෙදී පූර්වක ස්තුතිය පිරිනමමි. ඒ සමගම නවතම ලේකම්වරයා වන රාජේන්ද්‍රා ආචාර්ය සහෝදරයාටද ශුභාශිංෂන පිරිනමමි.
එසේම මාගේ වෘතීය සමිතියෙන් මෙවන් ඉදිරිගාමී ගමනකට පිය නැගීමට සහාය දුන් NPTWU සභාපති . ලේකමි සහොදරවරැන්ටත් විධායක සභාවටත් යුනි ශ්‍රී ලංකා ඇපිලියේෂන් කවුන්සිලයට සමිබන්ධ සියලු සහෝදර සහෝදරාදීනටත් මාගේ ආදරනීය ස්තුතිය පිරිනමමි. එසේම මාහට ඉතා දිගු ගමනකට අවශ්‍ය ධෛර්ය ශක්තිය මා උපයා ගත්තේ( UNI Sri Lanka Women’s Committee)ශ්‍රී ලංකා කාන්තා කමිටුවේ වැඩ කිරීම තුලිනි. එහිදී මා සමග එක්ව මහන්සි වී වැඩ කළ සහෝදරියන්ටත් ( ලාංකිකා , ලක්මාලි, ගගාරිනී, පැට්‍රීෂියා, මාධවී.සායි, පුණ්‍යා.කළණි,අරැණි, දිලිනි, ප්‍රීති) ආදි සහෝදරියන්වත් තරැණ කමිටුවෙහි සියලු සහෝදරියන් හා සහෝදරාදින්ද සෙනෙහසින් සිහිපත් කරමින් ස්තුතිය පළ කරමි.
චන්ද්රිකාඑලදැත්ත සහෝදරිය