UNI ශ්‍රී ලංකා කවුන්සිලයේ විධායක සභා රැස්වීම එහි සාමාජික සංගම් වල නියෝජිතයින් සහ UNI ආසියානු ෆැසිපික් කලාපයේ මුල්‍ය අධ්‍යක්ෂක ජයශ්‍රී ප්‍රියලාල් මහතාගේ සහභාගිත්වයෙන් 2012-07-12 දින මරදාන ලංකා බැංකු සේවක සංගම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී මීළඟ වසර දෙක සඳහා වන නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගන්නා ලදී. පැමිණි සියලු විධායක සභිකයින් නිලධාරී තනතුරු සදහා නාම යෝජනා ඉදිරිපත් කොට සියළු සාමාජිකයින්ගේ එකඟතාවයෙන් කවුන්සිලයේ සභාපති ලෙස ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයා පත්විණි. ප්‍රධාන ලේකම් වරයා ලෙස Media Pro-Tech හි ප්‍රධාන ලේකම් වරයා වන හරිප්රිය හෙට්ටිආරච්චි සහෝදරයාද භාණ්ඩාගාරික වරයා ලෙස ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමයේ ලේකම් වරයා වන ගයාන් මුණවීර සහෝදරයාද පත්කර ගන්නා ලදි.
නාම යෝජනා සහ ස්ථිර කිරීම් සහ නිලධාරී මණ්ඩලයේ විස්තර පහත ඇමුණුමේ සටහන් කර ඇත. UNI ශ්‍රී ලංකා කවුන්සිලයේ කාන්තා සහ තරුණ කමිටු නියෝජනය කිරීමට සියළුම ආශ්රිත සංගම් නාම යෝජනාද විධායක සභාවට ඉදිරිපත් කරන ලදි. එම නාම යෝජනා විධායක සභාව අනුමත කල අතර ඉදිරි දිනයකදී තරුණ සහ කාන්තා කමිටුවේ රැස්වීමක් කැදවා නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමට තීරණය කරන ලදි.
මෙහිදී අදහස් පලකළ ජයශ්‍රී ප්‍රියලාල් මහතා සියලු දෙනාගේ එකඟත්වයෙන් නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ වැදගත් කම පෙන්වා දුනි. මාස දෙකක් ඇතුලත UNI ශ්‍රී ලංකා කවුන්සිලයේ නීති රීති අනුව සාමාජික මහා සභාවක් පවත්වමින් මෙම තනතුරු වලට පත්වූ අයගේ පත්වීම් ස්ථිර කර ගන්නා ලෙස දැන්වීය. තරුණ සහ කාන්තා කමිටුවලට නිලධාරී මණ්ඩලද එම මහා සභාවෙන්ම අනුමත කරගෙන ප්‍රමුඛතාවන් හඳුනාගෙන පැහැදිලි වැඩ පිලිවෙලක් මත ඉදිරි වැඩ කටයුතු කරගෙන යන මෙන් ප්‍රියලාල් මහතා යෝජනා කර සිටියේය.
නව සභාපති චන්න දිසානායක සහෝදරයා අදහස් දක්වමින් හැකි ඉක්මනින් UNI ශ්‍රී ලංකා කවුන්සිලයේ සාමාජික වෘත්තීය සමිති ප්‍රමාණය වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තමා කටයුතු කර ශ්‍රී ලංකාවේ UNI සංවිධානයේ වැඩ කටයුතු ශක්තිමත් කිරීමට අදහස් කරන බව දැන්වීය.
නව නිලධාරී මණ්ඩලය
UNI Sri Lanka Affiliates Council Elects New Officials
The Executive Board meeting of the UNI Sri Lanka Affiliates Council was convened on 12th July 2022 at the Ceylon Bank Employees Union office with the presence of Mr. Jayasri Priyalal, Regional Director of UNI Apro Finance Sector Activities.
The meeting was convened to elect a new team of officials to conduct the business of the UNI Sri Lanka Affiliates council for the next two years.
Board members proposed names for the respective positions and the following were elected to hold office for the new term unanimously.
Comrade Channa Dissanayake, President of the Ceylon Bank Employees Union, (CBEU) elected as the Chairman of the Council with the consent of all the members present. Comrade Haripriya Hettiarachchi, General Secretary of Media Pro-Tech, was elected as the General Secretary and Comrade Gayan Munaweera, the Secretary of the National Postal and Telecommunication Workers Union, (NPTWU) was elected as the Honorary Treasurer. Please refer to the full list of elected officials of UNI SLAC in the annexure.
UNI SLAC Executive board endorsed the names of the nominations of the respective unions for the UNI SLAC Youth and Women Committee at the meeting.
Mr. Jayasri Priyalal, shared his views, pointed out the importance of choosing the officials with the consensus as per rules and UNI and UNI Apro work culture. Priyalal stressed that UNI SLAC Executive Board should convene the 3rd conference as per rules and get the newly elected officials ratified by the conference. Priyalal suggested that UNI SLAC Youth and Women committees should also be constituted and their priorities and workplans could be presented to the 3rd UNI SLAC conference and put into action.
The newly elected Chairman thanked the board members for electing his as the President, and he assured that he will implement a program to increase the member unions in UNI SLAC and strengthen UNI activities in Sri Lanka.