ජිවිතයට දෛනික අත්දැකීම් රාශියක් දිනෙන් දින රැස් වන අතර සුවිශේෂී රසවත්, අර්ථවත් අවස්ථාවන් කලාතුරකින් හමුවෙයි. එවන් සුවිශේෂී අවස්ථාවන් උරගා බැලීමට ඉඩ ප්රස්ථා ලද තුෂන්තිකා වන මම සහ ජනත් සහෝදරයා මහත් වාසනාවන්ත යැයි මාගේ පුද්ගලික හැගීමයි.
එම මහගු අවස්ථාව නම් 17 වන වරට පවත්වනු ලැබූ UNI LCJ අනුග්‍රහය යටතේ ෆුකුෂිමා හිදී පැවති ඉංග්‍රීසි වැඩමුළුවයි. එය ජපානයේ පවතින වඩාත් ජනප්‍රිය හා සහභාගී වන්නන් වඩාත් උනන්දුවෙන් සහභාගී වන වැඩසටහන් අතර වෙයි.
මෙය 2017 ජුලි මස 22 දින සිට 24 දින දක්වා 40 කට වැඩිපිරිසකගේ සහ සම්පත් දායකයන් ලෙස ශ්‍රී ලංකාව, නේපාලය, මැලේසියාව, පිලිපීනය, ආදී රටවලින් විවිධ තනතුරු ක්ෂේත්‍ර නියෝජනය කරමින් 07 දෙනෙකුගෙන්ද සමන්විත විය.
වෘත්තීය සමිති ක්ෂේත්රය නියෝජනය කරමින් හැ .වි.නි.සහ ර හා යුනි ශ්‍රි ලංකා තරුණ කමිටුව නියෝජනය කරමින් මෙම මා ලද අවස්ථාව හරහා මාගේ පුද්ගලික ජිවිතයටත්, වෘත්තීය ජිවිතයට මහත් ධනාත්මක අත්දැකීම් එක්කර ගැනීමට අවස්ථාවක් ලැබුනාක්මෙන්, සංස්කෘතික, විනය, හිතවාදී බව ආදී විශේෂ ගුණාංග ගලපාගැනීමට මා ප්රයත්න දරණ අතරම ඒ හරහා වෘත්තීය සමිති සාමාජිකයකු වශයෙන් අනේක් සමාජිකයන් සමග බෙදාගැනීම මාගේ 2010 තුන්වන යුනි ලෝක කොන්ග්රසය සාර්ථක කරගැනීමේ අදහසින් 2005 දෙවන යුනි ලෝක කොන්ග්සයේදී ගත් තීරණයක්මත 2016 වර්ෂයේ UNI LCJ කවුන්සලය මගින් මෙම ඉංග්‍රීසි වැඩමුළුව පැවැත්වීම ආරම්භකරන ලදී.
මෙම වැඩමුළුව හරහා මුලික වශයෙන් ඔවුන්ගේ පරමාර්ථ වන්නේ යුනි ජාත්‍යන්තරය පිලිබදව අවබෝධයක් ලබාදීම, විවිධ ක්ෂ්රේත්රයන හී සමගාමී වෘත්තීය සමිති සාමාජිකයන්, තරුණ සාමාජිකයන් ආකර්ෂණය සහ ඉංග්‍රීසි අධයාපනය ලබාදීම, අභිප්‍රේරණය සහ දියුණුකිරීම සහ පවත්වාගෙන යාමට දැනුම සොයායාමට පෙලබවිමයි.
මෙවර මෙම වැඩසටහන සාර්ථකවූ බව සහභාගිවුවන්ගේ අදහස්වලින් පසක්වූ අතර එය මා හට වඩාත් හරවත් අත්දැකීම් රාශියක් එකතු කරන්නක විය.
පළමුව ජපානයට ඇතුළුවූ මා හට හැගීගිය අදහසනම්, රටක් ලෙස ජාතීන් ලෙස ලොව ඉහලටම පැමිණීමට ඔවුනට උපකාරවී ඇත්තේ ඔවුන්ගේ යහපත් ආකල්ප සහ ධනාත්මක දැක්මත්ය. සෑම ක්‍රියාවක්ම නිවැරදි වෙලාවටම, පිළිවෙලටම, පෙර සුදනමකින් කිසිදු අත්වැරැද්දකට ඉඩක් නොතබා සියල්ල සැලැස්මකට අනුව සිදුවන අතර නිතරම සරළව, සිනාමුසු මුහුණින් ඉතාම හෘදයාංගමව අමතන පිරිසක් මුණගැසුණි. ජීවිතය සරළව නමුත් සෑම තප්පරයක්ම ප්‍රයෝජනයට ගන්නා කඩිසර සහ විනොදශීලි එම මිනිසුන් අපට බොහෝ පාඩම් කියාදෙයි. එය අපගේ ජිවිත ධනාත්මක හැරවුම් ස්නථායකට ගෙන යනු නොඅනුමානය.
වැඩසටහන ආරම්භයේදී සම්පත් දායකයන් තමන්ගේ ජාතික ඇදුමින් සැරසී වැඩසටහන සදහා සහභාගී වූ අතර එය සහභාගිවූවන්ට මහත් සතුටක් එක්කරන්නක් විය.
UNI LCJ කවුන්සිලයෙහි මුල සුන දරණ අකි හිරෝ මට්සුරෝ මයාගේ සහභාගිත්ව යෙන් වැඩසටහන ආරම්භවූ අතර වැඩමුළුව අතරතුරෙහි පැවති කණ්ඩායම් ක්‍රිරියාකාරකම්, දේශණ, වැටසටහන්, ක්‍රිඩාවන්, ප්‍රශ්ණ සහ පිළිතුරු ඉදිරිපත්කිරීම්, සමාජ ජලා භාවිතය , කමිටු සාකච්චා ආදී විශාල වැටසටහන් ප්රරමාණයක් මෙහිදී සිදුකෙරුණු අතර එහිදී සාමාජිකයන්ගේ මහත් උනන්දුවක්, සමුහිකත්වයක් දක්නට ලැබුණි. කණ්ඩායම් අතර තියුණු දක්ෂතා ඉදිරිපත් කිරීම් දක්නට ලැබුණු අතර අවසන් දින සාමාජිකයන්ගේ දැනුමක් ලබා ඇති බවත්, ඉදිරියට වැඩිදුර අධයාපනයට යොමුවීමට කැමැත්තෙන් ඇති බවත් දැනගත හැකිවිය.
25 වනදින UNI LCJ කාර්යාල පරිශ්‍රය තුල දී එක් දින අභිප්‍රේරණ වැඩසටහනක් පැවැත්වූ අතර එය හරවත් වැඩසටහනක් විය. එමෙන්ම, සුහද හමුවල දී විශේෂයෙන්ම විවිධ සංස්කෘතීන් රසවිදීමට, විනෝදයෙන් , සතුටින් , රසවත් ආහාර විදීමටත් හැකිවිය.
පුද්ගලිකව මා ලද මහත් සුවිශේෂී අත්දැකීම් ලෙස මා හැටි හැගීයන්නේ සමාජිකයකු ලෙස මා සතු උපරිමය ඉටුකිරීම, ඔවුන්ගේ ජාතික ඇදුම වන කිමෝනාවක් තෑගි ලැබීම සහ එයින් සැරසීමට අවස්ථාව ලැබීම , ජපන් ආහාර ජපන් ක්‍රමයට රසබැලීමට හැකිවීම සහ ආදරණිය මිතුරන් පිරිසක් හමුවීමයි. හද පිරි ශෝකයෙන් හා අතැදැකීම් රාශියක් සමගම වැඩමුළුව සාර්ථකව සනිටුහන් තබමින් නිමාවට පත් විය.