රාජ්‍ය පෞද්ගලික අංශයේ බැංකු විස්සක සේවක සේවිකාවන් 27000 ක් සාමාජිකත්ව දරන ශ්‍රී ලංකාවේ ප්‍රභල නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලංකා බැංකු සේවක සංගමය පසුගියදා යුනිගෝලීය වෘත්තීය සමිති ජාලය සමග එක්විය.
සේවක අයිතිවාසිකම් දිනාගැනීමට හෝ ඕනෑම අරගලයක් ජයගැනීමට මනාව සංවිධානය වූ අරමුණක් ඔස්සේ පෙළැගැසුනු සාමාජිකශක්තිය වඩාත් වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකියි. එය වෘත්තීය සමිතිය සදහාද වඩාත් සත්‍ය වන්නේය.
ශ්‍රී ලංකා යුනි තරුණ කමිටුව මගින් වඩාත් ඵලදායි මෙන්ම නව්‍යතාවයෙන් යුක්තව කටයුතු කිරීමට නිරායාසයෙන්ම යොමුවන අතර එහි වෙනත් විශාල ආයතන රාශියක නියෝජනයක් දැකගත හැකියග ශ්‍රී ලංකා යුනි තරුණ කමිටුවට එක්වී ඇති ලංකා බැංකු සේවක සගමය සතු පිරිස් බලය කිසිම වෘත්තීය සමිතියකට නොදෙවෙනි අතර ඉහල දක්ෂතවයන්ගෙන් හා මනාකුසලතාවයන්ගෙන් හෙබි සාමාජිකයන්ව හදුනාගෙන ඔවුන්ගේ නායකත්ව නිපුණතාවන් වැඩිදියුණු කරමින් සිටියි. ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකයන්ගේ හැකියා දක්ෂතා පුහුණු කිරීමට ගත් තවත් එක් විශිෂ්ට උත්සහයක් ලෙස පසුගිය පෙබරවාරි මස 22, 23 දෙදින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති වැඩමුළුව හැදින්විය හැකිය.
ලංකා බැංකු සේවක සංගමය යුනි ජාත්‍ය න්තරයෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුනි ජාත්‍ය න්තර සංවිධානයේ සිංගප්පූරුවෙ කලාපීයකාර්යාලයේ මුල්‍ය අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ජයශ්‍රී ප්‍රියලාල් මහතාගේ මුලිකත්වයෙන් වැඩමුළුව පැවැත්විණි. නිරන්තරයෙන්ම සාමාජිකයන්ගේ හැකියා දක්ෂතා හදුනාගැනීමට පුද්ගල සංවර්ධනයට කටයුතු කරන ඔහුගේ නායකත්වය පිලිබදව කල දේශණය වඩාත් ඵලදායී විය. එයට අමතරව තෝරාගත් නවක මානව සම්පත් උපයෝගී කර ගනිමින් දේශණ සිදුකෙරුණු අතර එම වැඩමුළුව වෙනස් ආකාරයේ නවම් අත්දැකීමක් ලෙස සැලකිය හැකිය. වර්තමානයේ මූල් ක්ෂ්ත්රෙෙය් ගැටළු සහ අභියෝග පිලිබද හරවත් සාකචීඡාවක්ද ජයශ්‍රී ප්‍රියලාල් මහතා මෙහෙය වීය.
සෑම අවස්ථාවකම අභියෝග වලට මුහුණදීමේ දී නිර්මාණශීලි චින්තනයෙන් ගැටළුවක් දෙස වෙනස් ලෙසකට බැලීමේ කලාව තුලින් විසදුම් සොයා ගැනීමට තරුණ තරුණියන්යොමුකරවීමට හුරුකරවීම අරමුණුකරගත් වැඩමුළුවක් ලෙස හැදින්විය හැකි අතර එකිනෙකට නොදෙවිණි දක්ෂ කණ්ඩායමක් සමග පැවති අතිසාර්ථක වැඩමුළුවක් ලෙස සැලකීම වඩාත් සාධාරණ වන්නේ ලංකා බැංකු සේවකසංගමෙයේ දෙවැනි පෙල නායකත්වය නියෝජනයකරන වෘත්තීය සමිති ක්‍රියාකාරී සහෝදර සහෝදරියන් තිස්දෙනෙකු වැඩමුළුවට සහභාගිවූහ.
ලංකා බැංකු සේවක සංගමෙයේ සභාපති එස් පී ජයරත්න සහෝදරයා සහ ප්‍රධාන ලේකම් එ කේ බණ්ඩාරසහෝදරයා ඇතුළු නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් සමග යුනි ශ්‍රී ලංකා ලංකා කවුන්සිලයේ නිලධාරී සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක් දෙදින වැඩමුළුව පැවැත්වීමට දායක වූහ.